මුලතිව් පාසලක පුද්ගලයෙක් සියදිවි හානිකර ගනී

මුලතිව් පුදුකුඩිඉරිප්පු රෝමානු කතොලික පාසලේ පංතිකාමරයක් තුල වයෝවෘද්ද පුද්ගලයෙකු ඊයේ (17) සවස ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පුදුකුඩිඉරුප්පු පොලිසිය සඳහන් කරයි.

ඉකුත් පාසලේ ඉදිකොට ඇති තාවකාලික පංතිකාමරයක් තුළ ඔහු මෙලෙස ගෙලවැලලාගෙන තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මුලතිව් පොලිසිය අදලා ස්ථානයට පැමිණ කළ සෝදිසි කිරීමෙන් එම පුද්ගලයා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කුමාරසාමි ඉරාසලිංගම් නැමැත්තා බව හඳුනාගෙන තිබේ.

මෙම පුද්ගලයා සියදිවිහානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top