SRILANKAN NEWS

යාපනය දිස්ත්‍රික්කයේ මහවිරු සොහොන් කොත් උද්භිද උද්‍යානයක් ලෙස රැක බලා ගැනීමට යෝජනාවක්..

යාපනය දිස්ත්‍රික්කයේ මහවිරු සොහොන් කොත් ඇති සුසාන භූමි උද්භිද උද්‍යාන ලෙස රැක බලාගත යුතු යැයි යෝජනාවක් දිස්ත්‍රික්ක සම්බන්‍ධිකරන කමිටු රැස්වීමේදී අද (18) දින සම්මත කර තිබේ.

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් සහ තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා ප්‍රධානත්වයෙන් අද පැවැති දිස්ත්‍රික්ක සම්බනධිකරන කමිටු රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් අදාළ ඉඩම්වල දැනට හමුදාව රැඳී සිටින හෙයින් ඉකුත් යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බවත්, හමුදාව ඉවත් වූ පසු එය ගැන තීරණයක් ගන්නා බවට එහිදී තීරණය කර තිබේ.

තවද මහවිරු සොහොන් කොත් හඳුනාගෙන ප්‍රාදේශිය සභාවලට එය භාරදීමෙන් අනතුරුව එය රැකබලා ගැනීමට පියවර ගන්නා බවට යෝජනාව සම්මත කර තිබේ.