ජනපති අද එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ මණ්ඩලය අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේ දි ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින් විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන තෙවන අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

එමෙන්ම සැසිවාරයට සහභාගීවන ලෝක නායකයින් රැසක් සමග ද ජනාධිපතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 17 දා ඇමරිකාව බලා පිටත්ව ගියේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top