විදුලි වර්ජනය තවඳුරටත්, සාකච්ඡා අසාර්ථකයි..

බලධාරීන් සමග පැවති සාකච්ඡා නිසි විසදුමකින් තොරව අවසන් වීම නිසා අඛණ්ඩව තම වර්ජනය දියත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි.

කම්කරු අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහ විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (18) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද නමුත් අදාළ සාකච්ඡා කිසිදු එකගතාවයකින් තොරව අවසන් විය.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කරන ලද මෙම වර්ජනයට අද වන විට දින 06 ක් ගතවී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top