යාපනයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනයට

රෙයාපනයේ පුද්ගලයෙකුව පැහැරගෙන ගොස් ඝාතනය කර තිබේ. යාපනය නාවලර් මාර්ගයේ අරියාලයි ප්‍රදේහයෙහි පදිංචි 38 හැවිරිදි සෙල්වනාදන් පත්මබාලසිංගම් නැමැත්තා මෙලෙස ඝාතනයට ලක්වී තිබේ. ඊයේ (18) දින රාත්‍රී ඔහුව නිවස අසලදී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් දරුණු ලෙස පහදරී පන්ඩිකෝට්ටු පිල්ලයාර් කෝවිල අසල දමා ගොස් තිබේ.

මෙවැනි තත්වයකදී එම මාර්ගයෙන් ගමන් කළ ප්‍රදේශවාසීන් විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පහරදීමට ලක්වූ එම පුද්ගලයා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top