තුනුක්කායි තෙන්නියන්කුලම් ප්‍රදේශයේ සිඳුවන නීතිවිරෝධී වැලි ජාවාරම

මුල්ලතිව් තුනුක්කායි, තෙන්නියන්කුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධී වැලි ජාවාරම් බහුලව සිඳුවන බව ප්‍රදේශවාසීන් පවසති.

මෙම ප්‍රදේශයෙන් විශාල ප්‍රමාණයෙන් ගස් කපා පිට පළාත්වලට රැගෙන ගොස් ඇති අතර, දැන් නීතිවිරෝධී ලෙස එම ප්‍රදේශයෙහි වැලි ගොඩදැමීමේ කටයුතු සිඳුවන බවත්, මේ සම්බන්‍ධයෙන් තුනුක්කායි ප්‍රාදේශිය ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

මෙහි සිඳුවන වැලි ජාවාරමට ග්‍රාම සංවර්ධන සංගමයෙහි ඇතම් පුද්ගලයන්ද සම්බන්‍ධ බැවින් මෙම විනාශය සම්බන්‍ධයෙන් ඉහළ නිළධාරීන්ට දැනුවත් නොකරන බවද වාර්තාවේ.

තෙන්නියන්කුලම් ප්‍රදේශයේ සිඳුකරන වන විනාශය හා වැලි ජාවාරම හේතුවෙන් ඉදිරියදී දැඩි ඛේදවාචකයකට මුහුණදීමට සිඳුවනු ඇති බවත්, එමෙන් මෙම විනාශය මැඩපැවැත්වීම සඳහා මැති ඇමැතිවරුන්, සහ අදාළ බළධාරින් කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top