සුමන්දිරන්ව ඝාතනය කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට ඇප..

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමට සැලසුම් කළැයි චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පස් දෙනා අද (19) දින ඇප මත මුදාහැර තිබේ.

ඇප ලබාදීම සම්බන්‍ධ නියෝගය ප්‍රකාශ කළ යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා, රඳවා තබා සිටින සැකකරුවන් හිටපු කොටි සාමාජිකයන් යන හේතුව මත තවඳුරටත් ඔවුන් රඳවා තබා ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණයක් වනු ඇතැයි පවසා මෙලෙස ඇප මත මුදාහැර තිබේ.

ප්‍රභූවරයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, නීතිවිරෝධි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනා මත පසුගිය පෙබරවාරි මස 14වනදා අපරාධ විමර්ශණ අංශය විසින් ඉකුත් සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top