අයාලේ යන ගවයින් සහ බලපත්‍ර රහිතව මස් පිණිස රැගෙන යන ගවයින් නිදහස් කර රැකවරණය ලබාදීමේ ගව අනාථාගාරයක් සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ පිහිටුවා තිබේ.
පොලීසිය මඟින් උසාවියට ඉදිරිපත් කර නිදහස් කෙරෙන ගවයින් ද මෙම ගව අනාථාගාරයට යොමු කරන අතර, එම සත්ත්වයින්ට අවශ්‍ය ආහාර ඇතුළු රැකවරණය මෙම මධ්‍යස්ථානය තුළින් ලබා දෙනු ලැබේ. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ අනුශාසනා මත මෙම ගව අනාථාගාරය පිහිටුවා තිබේ.