බණ්ඩාරනායක ගුණ සමරුව ලබන 26වනදා

දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පනස් අට වැනි ගුණානුස්මරණ උත්සවය හොරගොල්ල සමාධිය අභිසය දී ලබන 26 වනදා පෙරවරු 8.30 ට පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙවර ගුණානුස්මරණ උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වීමට බණ්ඩාරනායක ගුණානුස්මරණ කමිටුව කටයුතු යොදා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

තරුණ පෙරමුණේ මෙහෙය වීමෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකම බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සමරමින් විශේෂ ආගමික, සමාජ, දේශපාලන වැඩසටහනක් බැගින් පැවැත්වීමට ද සූදානම් කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වැඩපිළිවෙළ දින 5ක කාලයක් ක්‍රියාත්මක කරන අතර, සිරිමා – බණ්ඩාරනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නායිකාවන් රටට සිදු කරන ලද මෙහෙය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ ද සිදු කෙරෙන බව ද ඒ මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top