ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි, අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය පවසා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලයේ දූෂණ විමර්ශන කමිටුවේ සාමාන්‍යාධිකාරී, ඇලෙක්ස් මාෂල් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් මෙරටට පැමිණෙන බව ය.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සෑම විටම පෙනී සිටින බව ඔහු පෙන්වා දුන්නේ ය.
මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදුවන ඕනෑම ගැටලුවකදී ඊට මැදිහත්වීම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වගකීමක් බව ද ඇලෙක්ස් මාෂල් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පරීක්ෂණ සම්බන්ධයෙන් මින් ඉදිරියට තොරතුරු ඉදිරිපත් නොකරන අතර ඒ සඳහා කැමති පුද්ගලයකුට සහාය දැක්විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
Add Comment