උතුරු පළාතේ ඉදිකළ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙර්..

රුපියල් මිලියන 1,824ක් වැය කරමින් උතුරු පළාතේ ඉදිකළ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

ගෝලීය අරමුදලේ මූලණ ප්‍රතිපාදන යටතේ යාපනය, වඩ්ඩක්කොට්ඩෛ ප්‍රාදේශීය රෝහල, කයිට්ස් මූලික රෝහල, කිලිනොච්චි හා වව්නියාව යන රෝහල්වල ඉදිකරන ලද වාට්ටු සංකීර්ණ මෙලෙස විවෘත කෙරුණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top