පොල් සඳහා පාලන මිලක් හඳුන්වාදීම නොහැක – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

පොල් මිල ඉහළයාම සම්බන්ධයෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය සෘජුවම වගකිව යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් වන අතර පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය වෙත දේශපාලන හිතවත්කම් මත නිලධාරීන් පත්කිරීම නිසා මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බව ද එහි වැඩිදුරටත් සදහන්ය.

පොල් සදහා පාලන මිලක් ප්‍රකාශ කිරීමට පොල් සංවර්ධන අධිකාරියට කිසිදු බලයක් නොමැති අතර එවැන්නක් කළ හැක්කේ පාරිභෝගික අධිකාරියට පමණක් බවත් එ් සදහා පළමුව පොල් යනු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් ලෙස නම්කළ යුතුව ඇති බවත් මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්ය.

මේ වන විට මෙරට පාරිභෝගිකයින් මුහුණ දී ඇති පොල් මිල ගැටළුව විසදීම සදහා මැදිහත් වන ලෙස මෙම නිවේදනය තුළින් බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top