මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් යොදාගැනීමේ සිද්ධිය ගැන මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් පරීක්ෂණයක්..

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසැලේ ළමුන් 250 දෙනෙකු යොදාගැනීම පිළිබඳව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් අද (25) පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසැලේ විදුහල්පතිවරයා මෙම පරීක්ෂණ සදහා කැඳවීමට නියමිතව ඇත.

පසුගිය (21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් සහභාගී කරවාගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ සංවිධාන රැසක් සිය විරෝධය පළ කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top