යෝෂිත රාජපක්‍ෂ විදේශ ගතවීමට අධිකරණයෙන් අවසර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට විදෙස් ගතවීම සදහා කොළඹ මහාධිකරණය විසින් අද (25) අවසර ලබාදී තිබේ.

පෞද්ගලික සංචාරයක් සඳහා ලබන 28 වනදා සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා සති දෙකක කාලයක් ඉතාලියට යාමට අවසර ලබා දෙන ලෙස ලබාදෙන්නැයි යෝෂිත රාජපක්ෂ මහතා නීතිඥවරයෙකු මගින් අධිකරණයෙන්ට කරන ලද ඉල්ලීම සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

සී.එස්.එන්. නාළිකාව ආරම්භ කිරීම සඳහා යොදාගත් මුදල් උපයාගත් ආකාරය සම්බන්‍ධයෙන් යෝෂිත රාජපක්‍ෂට එරෙහිව නඩු පවරා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top