SRILANKAN NEWS

ශ්‍රී ලංකාවට මසුන් සහ ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය ලබාදීමට ජපානය එකඟත්වය පළ කරයි..

ශ්‍රි ලංකාවේ මසුන් සහ ආහාර කල් තබා ගැනීම සඳහා ජපානයේ ABI සමාගමේ CAS තාක්ෂණය ලබා දීමට එම සමාගමේ සභාපති NORIO OWADA මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර ඇත.

ජපානයේ ආහාර කල් තබා ගැනීම පිළිබඳ ප්‍රමුඛ ආයතනයක් වන ABI පුද්ගලික සමාගම විසින් ලොවට ප්‍රථම වරට මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපාන නිල සංචාරයේදි ABI සමාගමේ සභාපති නොරියෝ ඔවාඩා මහතා හමු වු අතර එම ආයතනයේ කළමණාකාරිත්වය විසින් CAS තාක්ෂණය පිළිබදව අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කර ඇත.

ඒ අනුව ABI සමාගම විසින් හඳුන්වා දි ඇති සෛල සජීවීකරණ පද්ධතිය හෙවත් CAS (Cells Alive System) තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට හැකි බව ප්‍රකාශ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.