බණ්ඩාරනායක ගුණ සැමරුම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වැනි ගුණ සැමරුම අද (26) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරු 8.00ට හොරගල්ලේ බණ්ඩාරනායක සමාධිය අබියසදී ගුණ සැමරු උත්සවයක්ද පැවැත්වේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්, ආණ්ඩුවේ මැතිඇමතිවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් සහ පාක්ෂිකයින් ද මෙම අවස්ථාවට සහභාගීවන අතර එහිදී ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක්ද සිදුකෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top