නීතිවිරෝධි ලෙස මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය 4ක් අත්අඩංගුවට

පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලු උතුරුමැද දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව දියබෙදුම ඉහකුළුවැව ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ. එහිදී ගෝඩා බැරල් 27ක්, ස්ප්‍රීත්තු කෑන් 22ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top