ජනප්‍රිය රංගන ශිල්පී දසුන් සිය දිවි නසා ගනී..

නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා ඊයේ (25) පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබේ.

ඔහු එම බෝඩිමේ ටෙලි ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු සමග එක්ව වාසය කරමින් සිට ඇති අතර ඊයේ අනෙක් අය වැඩට යද්දී තමාට අසනීප ගතියක් ඇතැයි දක්වමින් ඔහු එම නිවසේ තනිව රැඳී තිබේ. මිතුරන් යනතුරු සිටි ඔහු කාමරයේ විදුලි පංකාවේ ලණුවක එල්ලී මියගොස් ඇති බව පැවැසේ.

දහවල් කාලයේ ඔහු සිටි බෝඩිමට ඔහු හමුවීමට පැමිණි වෙනත් රංගන ශිල්පියෙකු ඔහු විදුලි පංකාව යට ඇද වැටී සිටි අයුරු දැක පොලිසියට දැන්වීමෙන් පසු මරණය පිළිබඳ කරුණු අනාවරණයවී තිබේ.

නිට්ටඹුව තිහාරිය ගම් පළාත කරගත් දසුන් නිශාන් මිය යන විට 29 වියේ පසුවූයේය. මියයන විට ටෙලි නාට්‍ය 13 ක් චිත්‍රපටයක් හා වේදිකා නාට්‍යයකටද ඔහු සම්බන්ධවී සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top