දිලීපන්ගේ අවසන් දිනය – නල්ලූර්හි ගුණ සැමරුම් උත්සවයක්

දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 30 වන ගුණ සැමරුමේ අවසන් දින උත්සවය අද (26දා) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඔහුගේ පිළිරුව පිහිටි ස්ථානයේදී පැවැත් වුණි.

මේ අතර, හිටපු කොටි සාමාජිකයෙකු කයිතඩි පිල්ලයාර් කෝවිලේ සිට නල්ලූර්හි දිලීපන්ගේ ස්මාරකය පිහිට ස්ථානය දක්වා එල්ලුම් කාවඩියක්ද රැගෙන ඇවිත් තිබුණි.

තවද, මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා, ඊ. සරවනබවන්, පළාත් සභා අමත්‍ය ආනන්දි ශෂිධරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයන්, ප්‍රජාතාන්ත්‍රික සටන්කාමි පක්‍ෂයේ නියෝජිතයන්, පොදු සංවිධාන ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top