SRILANKAN NEWS

පොලිස් නිළධාරීන්ට පහරදීමේ සිද්ධිය : ‘ආවා ගෘෘප්‘ වගකීම භාර ගනියි..

img_2136යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී ඊයේ (23) පස්වරුවේ පොලිස් නිළධාරීන්ට පහරදීමේ සිද්ධියේ වගකීම ‘ආවා ගෘෘප්’ කියන කණ්ඩායම භාරගෙන තිබේ.

දැන්වීම් පත්‍රිකාවක් පළ කරමින් පවසා තිබෙන්නේ, චුන්නාගම් ප්‍රදේශයේ පොලිසියට සිදුකළ පහරදීම අප විසින් සිදු කළ පහරදීමකි. යාපනය සරසවි සිසුන්ට කළ කෘෘර සිද්ධියට ප්‍රති ප්‍රහාරයක් ලෙස සිදුකළ මෙය අප ජාතියේ ද්‍රෝහීන් ලෙස කටයුතු කරන දෙමළ පොලීස් නිළධාරීන්ට සිතීමට රුකුලක් වනු ඇත.

යාපනයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වී තිබෙන දියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධීන් සමාජ සංස්කෘතික පිරිහීම යන මාතෘකාව යටතේ ඇතුලත් කර තිබෙන නමුත් ආවා කණ්ඩායම විසින් අද වනතෙක් සිදු කළ පහරදීම් රැසක් සමාජයේ කාන්තාවන්ට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව සිදු කර ඇත.

සමාජයේ සිදුවන අපරාධ රැසකට අප විසින් දඞුවම් කරන අතර දෙමළ ඊළමේ සංස්කෘතික භූමිය යැයි හඳුන්වන යාපනයේ දී සංස්කෘතිය පරිහානියට ලක්වීම දෙමළ ජාතිකයන් වශයෙන් අපට අනුමත කළ නොහැක.

යාපනය ජනතාවට සංස්කෘතිය කෙතරම් වැදගත්ද එතරම් යාපනය සරසවිය හා සිසුන්ද වැදගත්වේ. අද ඔවුන්ට සිඳුවූ ශෝකයට සිංහල පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු සහාය වී ඇති නමුත්, එහි මූලිකත්වය ගෙන සිදු කළේ දෙමළ පොලිස් නිළධාරීන්ය.

විනිසුරු ඉලන්චෙලියන්ගේ නියෝගයට අනුව අද මෙම කෘෘර ඝාතනය සිදුකළ උප පොලිස් පරික්‍ෂකවරයා ඇතුළු ඔහු යටතේ ක්‍රියා කළ දෙමළ පොලිස් නිළධාරීන් සියළු දෙනාටම නිසි කාලය තුල දඞුවම් ලබා දෙන්නෙමු යැයි එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී ඊයේ (23) පස්වරුවේ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ ඒකකයේ සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට පලා ගොස් තිබුණි

– Global Tamil News : Sinhala