නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව එහි පාලනය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා යටතට පත් වෙනු ඇත.

නැගෙනහිර පළාත් සභාවේ අවසන් රැස්වීම ඉකුත් දා (28) ත්‍රිකුණාමලයෙහි පිහිටි පළාත් සභා සංකීර්ණයේ දී පැවැත්විණි. නැගෙනහිර පළාත් සභාව මන්ත්‍රී ආසන 37 න් සමන්විතය.

මීට පෙර සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර හෙට දිනයේදී උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top