SRILANKAN NEWS

විද්‍යා ඝාතකයන්ට උදව් කළ පිරිසට එරෙහිව අද යාපනයේ හර්තාල්

පුන්කුඩුතිව් විද්‍යා ඝාතකයින් රැක ගැනීමට උපකාර කළ පිරිස අත්අඩංගුවට ගත යුතු බවට බල කරමින් අද (30) යාපනයේ හර්තාලයක් පවත්වන බවට යාපනය නගරයේ පොස්ටර් අලවා තිබේ. එම පෝස්ටර්වල රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය හා ස්විස් කුමාර්ට උපකාර කළ නීතිඥ තමිල් මාරන් නමැත්තාගේ ජායාරූප ද ඇතුළත්වේ.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සැකකරු මුදා හැරීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය හා නීතිඥ තමිල්මාරන් නමැත්තා උපකාර කළ බවට යාපනය ජනතාවගෙන් චෝදනාවක් පවතියි.

යාපනය දූපත් ජනතාව හා යාපනය කාන්තා සංවිධාන නමින් හර්තාලය කැඳවා ඇති බවයි පැවසෙන්නේ.