මහින්දට ශ්‍රී.ල.නි.ප සභාපතිකම ලබා දෙන ලෙස ගොනු කළ නඩුව අධිකරණයෙන් ඉවතට

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඒ සදහා යළිත් පත්කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් ඊයේ (29) නිෂ්ප්‍රභා කරන ලදී.

බොරලැස්‌ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත හා හිටපු නාගරික මන්ත්‍රී අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර එහි විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, වර්තමාන මහලේකම් දුමින්ද දිසානායක හා මැතිවරණ කොමසාරිස්‌වරයා නම් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top