ඔක්තෝම්බර් මාසයේදී IOC ඉන්ධන මිල ඉහළට..

ඔක්තෝම්බර් මස සිට පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසයි. ඉදිරි සතියේදී ඊට අදාළ මිල ගණනන් ප්‍රකාශයට පත් කරන බව ද අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කර තිබේ.

මිල වැඩි නොකිරීම හේතුවෙන් තම සමාගම පාඩු ලබන බවත්, ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලේ උච්චාවචනයන් සිදුවීමත්, රුපියලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමත් හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට සිදු වන බව ද පෙන්වාදී තිබේ.

මෙරට ජනතාවට ඇති වන බලපෑම සැලකිල්ලට ගෙන මිල වැඩි කළ හැකි අවම සීමාවට පමණක් මිල වැඩි කරන බවද එම සමාගම වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top