උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අද (01) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.

සභිකයින් 33 දෙනෙකුගෙන් සමන්විත උතුරුමැද පළාත් සභාවේ පාලන බලය හොබවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සන්ධානය නියෝජනය කල අතර, එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 11ක්. ජනතා විමුක්ති පෙරමුණටද උතුරුමැද පළාත් සභාවේ එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබුණා.

අද මධ්‍යම රාත්‍රියේ නිල කාලය අවසන් වීමෙන් අනතුරුව උතුරුමැද පළාත් සභාවේ බලය එහි ආණ්ඩුකාරවරයා වෙත පැවරෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top