ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්රමසිංහට හෝ මහින්ද රාජපක්ෂට වගකියන දේශපාලන පක්ෂයක් නොවන බවත් තමන් වගකයන්නේ මේ රටේ ජනතාවට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (01) මහනුවරදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති දිස්ත්රික් සමුළු මාලාවේ මහනුවර දිස්ත්රික් සමුළුවේ ප්රධාන දේශනය සිදු කරමිණි.
දිරිය පුරවැසි සමිතිවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්‘ගමට දිරියක් – රටට බලයක්’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර මීට අමතරව මහනුවර දිස්ත්රික් නායක ගයාන් ජානක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා පැවසූවේ සිල්රෙදි නඩුවේ වැරදිකරුවන් බවට පත්වූ දූෂිතයන්ට ඇප ලැබෙන ආකාරය අනුවත් විමල් වීරවංසගේ පාස්පෝට් ප්රශ්නයේදී රනිල් වික්රම සිංහ මැදැහත් වූ බවත් මේ සම්බන්ධයෙන් ප්රධාන සාක්ෂි කරුවා ජනාධිපත්වරයා බවත්ය.
ඒ අනුව ඩීල් ඇත්තේ ඔවුන් ලඟ මිස තමන් ලඟ නොවන බවත් එහිදී අනුර දිසානායක මහතා අවධාරණය කළේ ය.
Add Comment