අර්ජුන් මහේන්ද්‍රන් අද බැඳුම්කර කොමිසමට!

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම වංචාව විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම වෙත අද (02) පැමිණ තිබේ.

වංචාවට සම්බන්ධ බවට මේ වන විට සැකයට ලක්ව ඇති පර්පෙචුවල් ට්‍රෙශරීස් හි සභාපති අර්ජුන් ඇලෝශියස්ගේ මාමණ්ඩිය වන හිටපු මහබැංකු අධිපතිවරයා සිය නීතිඥයින් සමග අද සාක්ෂි දීමට පැමිණියේය.

මීට පෙර ඔහු සහභාගි වූ විමර්ශන වාරවලදී තමන් බැඳුම්කර වංචාවට සම්බන්ධ නොවන බව ඔහු ප්‍රකාශ කළ අතර ඔහු ශ්‍රී ලාංකිකයකු නොවීම හේතුවෙන් බලහත්කාරයෙන් සාක්ෂි ලබා ගැනීමට නොහැකි බවද ඔහුගෙ නීතිඥයෝ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්හ.

එසේ වුවද කොමිසම විසින් දැනුම් දෙනු ලැබුවේ ඔහු මහබැංකු අධිපති ධුරය දැරූ වකවානුවේ සිදු වූ වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ඔහු බැඳී සිටින බව ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top