නව අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙක් පත් කෙරේ

අමාත්‍යාංශ හතරක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අශෝක මහතා ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ සිසිර කුමාර මහතා ද ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top