නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් රටට කිසිදු හානියක් නැහැ – ලක්‍ෂ්මන් කිරිඇල්ල

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් රටට කිසිදු හානියක් සිදු නොවන බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ පිටපතක් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ වෙත ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ දී පිළිගැන්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top