රටේ සියලු කේෂ්ත්‍රවල දියුණුව සඳහා කාන්තා දායකත්වය අත්‍යවශ්‍යයි – අගමැති

රටේ සියලු කේෂ්ත්‍රවල දියුණුව සඳහා කාන්තා දායකත්වය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා සමාජ ආකල්ප වෙනස් කිරීමටත්, අවශ්‍ය නීති සම්පාදනයටත් රජය කටයුතු කරන බව විශාඛා විද්‍යාලයේ ඊයේ(02) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කොළඹ විශාඛා විද්‍යාලයට වසර 100 පිරීම හා වාර්ෂික ත්‍යාග ප්‍රදානය වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබුණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ සම්මාන ප්‍රදානය ද අගමැතිවරයා අතින් සිදු වුණා.

රටේ බහුතරයක් වන කාන්තාවන්ට ඒ හා සමාන නියෝජනයක් ලබාදීමට රජය ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය. එසේම කාන්තාවන් දේශපාලනයට පිවිසීමෙන් ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකිය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top