SRILANKAN NEWS

දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර යාපනයේ උද්ඝෝෂණයක්..

දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර, අඛණ්ඩ උපවාසයක නිරතව සිටින දේශපාලන සිරකරුවන්ට සහාය පළ කරමින් අද (4) දින යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට පෙරවරු 10 සිට 11 දක්වා මෙම උද්ඝෝෂණය පවත්වන ලදි. මෙම අවස්ථාවට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, අතුරුදන්වූවන්ගේ ඥාතීන්, සරසවි ශිෂ්‍ය සංගමය, සරසවි ප්‍රජාව, සහ සිවිල් සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.