අගමැති රනිල් ෆින්ලන්තයේ නිල සංචාරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් හෙට (5) පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

ජර්මනියේ බර්ලින් නුවර සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලබන 9වනදා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සඳහා සහභාගිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ හෙල්සින්කි නගරයේ දී එරට අග්‍රාමාත්‍ය යුහා සිපිලර් මහතා ඇතුළු ඉහළපෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර ඇති සබඳතා තහවුරු කිරීම, වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රවල නව සබඳතා ඇතිකර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top