රාජිව් ගාන්ධි ඝාතන සැකකරුවන්ගේ නඩුව කල් තබයි..

හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් ජීවිතාන්තය දක්වා සිරඳඞුවම නියම වූ රොබට් පයාස්, ජෙයකුමාර් යන දෙදෙනා තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩුව ලබන මස 7වනදා දක්වා කල් තබා තිබේ.

මදුරයි මධ්‍යම බන්‍ධනාගාරයේ රඳවා තබා සිටින රොබට් පයාස් සහ ජෙයකුමාර් යන දෙදෙනා තමන්ව නිදහස් කරන්නැයි ඉල්ලා 2012 වසරේ දී චෙන්නයි අධිකරණය වෙත නඩුවක් ගොනු කර තිබුණි.

ඉකුත් නඩු විභාගය ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේ, රාජිව් ගාන්ධි ඝාතනය සිද්ධිය සම්බන්‍ධයෙන් චෝදනා එල්ලවූ සියළු දෙනාම නිදහස් කළ යුතුයි යැයි ගොනු කර ඇති නඩුව මහධිකරණයේ පවතින හෙයින් මෙම නඩුව කල් තැබිය යුතු බවට රජය පාර්ශවයෙන් ඉදිරිපත් වූ නීතිඥයන් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව අදාළ නඩුව කල් තබා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top