SRILANKAN NEWS

කිසිවිටක රජය සංවර්ධන වැඩසටහන් නතර කරන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

පසුගිය සමයේ භීෂණය වැපිරූ අය තවමත් හොල්මන් කරන නමුත් රජය කිසිවිටෙකත් සංවර්ධන වැඩසටහන් නතර කරන්නේ නැති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. බෙලිඅත්ත මෝදරවාන ඔකේවෙල ඒකාබද්ධ ප්‍රජා ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා මුදල් පරිත්‍යාග කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

සැමට සහන වැඩසටහන යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 32 කි. මෙම ජල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ පවුල් 475 කට වැඩි පිරිසකට පහසුකම් සැලසේ.

යහපාලන රජය සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රදර්ශන පුවරුවලට පවා කඩාකප්පල්කාරීන් හානි සිදු කළ ද සංවර්ධන මෙහෙයුම කිසිසේත් නතර කරන්නේ නැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.