SRILANKAN NEWS

පොලිසිය බලය අයුතු ලෙස භාවිත කර ඇත්නම් ඒ ගැන සොයනවා – පොලිස්පති

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (06) හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවය අතර තුර යම් පොලිස් නිලධාරියෙකු විසින් සිය බලය අයුතු ලෙස යෙදවූයේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. එමෙන්ම අදාළ විරෝධතාවය අතරතුර නීතිය කඩකරන ලද පුද්ගලයන්ට එරෙහිව ද නීිතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.