ඇමැති රාජිත හා බිල් ගේට්ස් අතර හමුවක්

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘෘ හා තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයකින් මේ බව සඳහන් කර තිබේ. අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුව මෙම හමුව පැවැත්වීමට නියමිත අතර, බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම එහි අරමුණ බවද පැවැසේ.

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top