හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ පෙත්සම අද සලකා බැලේ..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (09) සලකා බැලීමට නියමිතව ඇත.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ මෙම පෙත්සම සලකා බැලීමට නියමිතව ඇති අතර පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා විසින් 2017 සැප්තැම්බර් 22 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top