අග්‍රාමාත්‍යවරයා ෆින්ලන්තය බලා පිටත්ව යයි..

දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ෆින්ලන්තය බලා පිටත්විය.

ෆින්ලන්තය සහ මෙරට අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළඳ ආර්ථීක කර්මාන්ත ආදී ෙක‍ෂ්ත්‍රයන් තුළ නව සබඳතා ඇති කරගැනීම මෙම සංචාරයේ අරමුණ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා දූත පිරිස හෙල්සින්කි නගරයේ දී ෆිින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර්හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. අග්‍රාමාත්‍යවරයා මෙලෙස ෆිින්ලන්ත සංචාරයේ නිරතවන්නේ ජර්මනියේ සිදුකළ පෞද්ගලික සංචාරයෙන් අනතුරුවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top