SRILANKAN NEWS

රටේ නීතිය සෑමට පොදුයි – තලතා අතුකෝරළ

රටේ පවතින නීතිය මේ රටේ සියළු දෙනාට පොදුවිය යුතු බවත් පසුගිය සමයේ නීතිය නොතකමින් කටයුතු කළ අයට ඉදිරියේදී අනිවාර්යෙන්ම දඩුවම් හිමිවන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

අමාත්‍යවරිය මේ අදහස් ප්‍රකාශ කළේ, රත්නපුර දිස්ති‍්‍රක්කයේ ගංවතුර තර්ජනයෙන් වැඩිපුරම හානියට පත්වන ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා ඉතා අත්‍යාවශ්‍යව පවතින ආපදා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරිම වෙනුවෙන් රත්නපුර ඇලපාත ගිනිහිරිය ශ‍්‍රී සිද්ධාර්ථ පිරිවෙන් භූමියේදී ආපදා රැඳවුම් මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්‌ වෙමිනි.

එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරිය,

අපි කිව්වා රජයෙන් උපදෙස් දීලා තියෙනවා ඉඩම් හොයාගන්න කියලා ලක්ෂ 4ක් බෙදුවා. කවුරුහරි පර්චස් 20ක් හොයාගත්තොත් එකපාර ලක්ෂ 4ක් දෙනවා. ලක්ෂ 12ක් දෙනවා ගෙදර හදාගන්න. කොයි ආණ්ඩුවද මේ දේවල් කරලා තියෙන්නේ. මීට ඉස්සෙල්ලා නායකයෙක් හරි ආණ්ඩුවක් හරි ආපදාවට ලක්වූවන්ට මේ තරම් ආධාර දීලා තියෙනවද? හැබැයි කතාකළොත් කියන්නේ ආණ්ඩුවක් ආවා මුකුත් නෑ කියලා. අවුරුදු 20ක් විපක්ෂයේ ඉඳන් පත්වුණාට පස්සේ එකපාරම දේවල් දෙන්න බෑ.

විශේෂයෙන් අපේ පාක්ෂිකයෝ තමයි වැඩියෙන්ම මේ දේවල් කියන්නේ. අපි සහන දෙන්නේ අපේ පාක්ෂිකයින්ට විතරක් නෙවෙයි. සමස්ත ජනතාවට. සමහරු වැස්සකටවත් එළියට බැහැලා නෑ, කොලයක් බෙදන්න තියා හිතන්නේවත් නැති අය වතුරට යට වුණා.

හැබැයි අපි ඔක්කොටම සලකලා තියෙනවා. 2020 රජයක් හැටියට අපි ප‍්‍රතික්ෂේප කළාට කමක් නෑ. හැබැයි රටේ නීතියක් තියෙන්න ඕනි. නීතිය කාටත් වලංගුයි. පහුගිය කාලේ වැරදි කරපු අයට ඉදිරියේදී නීතියෙන් දඩුවම් ලැබෙයි.

අපි දේශපාලඥයෝ හැටියට මේ දේවල්වලට අතදාන්නේ නැත්නම් රටේ ජනතාවට සාධාරණය ඉටුවෙයි යනුවෙන් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.