SRILANKAN NEWS

නාමල්ගේ අධ්‍යක්ෂකවරියට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියක වන. ඉරේෂා ද සිල්වා ඇප මත නිදහස් කර තිබේ.

ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇය අද(10) උදෑසන කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

විත්තිකාරියට ඇප දිම සම්බන්ධයෙන් නිතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහක මුදල් සහ ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කර තිබේ.

නාමල් රාජපක්‍ෂගේ හිටපු ලේකම්වරිය අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපර්රේෂන් ආයතනයේ අධ්‍යක්‍ෂවරිය සහ හිටපු ලේකම්වරියකු ද වන ඉරේෂා ද සිල්වා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය රජය සමයේ අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන සීමාසහිත ගවර්ස් කෝපරේෂන් සර්විසස් පෞද්ගලික සමාගම හරහා විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

අබුඩාබි සිට මෙරටට පැමිණි අවස්ථාවේ ඇයව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය මඟහරිමින් සිටි ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ද තිබීම විශේෂත්වයකි.