අමාත්‍ය කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රමට බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ. බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හෙට (11) දින කොමිසම හමුවට පැමිණෙන ලෙස කැඳවා ඇති බව වාර්තාවේ.
මේ අතර කෝප් කමිටු සාමාජික හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද දිනයේ සාක්ෂි ලබා දීම සඳහා බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තාවේ.