තෙල්දෙණිය දී සිඳුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

තෙල්දෙණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ දී සිඳුවූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මහනුවර – මහියංගන මාර්ගයේ දී අද පෙරවරු 7.15ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදියක ගැටී කාන්තාවන් දෙදෙනෙකු ද යටකරගෙන ගොස් තිබේ. එහිදී එම කාන්තාවන් දෙදෙනා සහ යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථයේ රියැදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිඳුව ඇති බව වාර්තාවේ. මෝටර් රථයේ රියැදුරු හා තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top