මීරිගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

බස්නාහිර උතුර දූෂණ මර්දන ඒකකය විසින් මීරිගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබේ.

මීරිගම බාඳුරාගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, එහි තිබී රුපියල් ලක්‍ෂ 10ක් වටිනා නීති විරෝධී මත්පැන් තොගයක් හා සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top