කිලිනොච්චියේ දී පළමු වරට පොලිස් නිළධාරියකුට ජනතාවගෙන් සමුගැනීමේ උත්සවයක්

කිලිනොච්චිය දර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ස්ථාන මාරුවීමක් ලබා යන පොලිස් උප පරීක්‍ෂක ඩි.එම්. චතුරංග මහතාට දර්මපුරම් ප්‍රදේශවාසීන් සහ පොදු සංවිධාන එක්ව ඊයේ (9) දින සමුගැනීමේ උත්සවයක් පවත්වා තිබුණි.

දර්මපුරම් කෝවිල් පරිපාලකයන්, පොදු සංවිධානවල නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් චතුරංග මහතාට සුබ පැතූ අතර, සමරු තිළිනද ප්‍රදාහනය කෙරුණි.

කිලිනොච්චිය දී පොලිස් නිලධාරියකුට ප්‍රදේශවාසීන් සහ පොදු සංවිධාන එක්ව සමුගැනීමේ උත්සවයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.  

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top