කිලිනොච්චියේ බීජ වී සඳහා හිඟයක්..

කිලිනොච්චිය දිස්ත්‍රික්ක ගොවීන්ට මේ වසරේ මහ කන්නය සඳහා බීජ වී ලබා ගැනීමේ දී අපහසුතාවලට මුහුණ දීමට සිඳුව තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පසුගිය යල කන්නයදී අක්කරායන්කුලම්, වන්නේරිකුලම්, කුඩමුරුට්ටිකුලම්, පුදුමුරිප්පුකුලම්, ඉරණයිමඩු, යටතේ බීජ වී ඉලක්ක කර යල කන්නයේ ගොවිතැන් කටයුතු සිදු කෙරුණි. යල කන්න වගාව අවසන් මොහතදී වැව්වල ජල මට්ටම අඩුවීමෙන් වී වගාව පාලුවට යෑමෙන් ගොවීන්ට තම වී තොගය බීජ වී සඳහා භාවිතා කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබේ.

පසුගිය වසර දෙකක කාලයක් කිලිනොච්චියේ පවතින නියං තත්වය හේතුවෙන් වී ගොවිතැනේ පලදායිතාව අඩුවී තිබේ. මෙවැනි හේතු මත බීජ වී සඳහා දිස්ත්‍රික්කයේ ගොවීන් දැඩි අපහසුතාවයට මුහුණ දෙමින් සිටින බව පැවැසේ.

මෙවැනි තත්වයකදී තමන්ට අවශ්‍ය බීජ වී ලබාදීමට පියවර ගන්නා ලෙස කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගොවීන් දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top