SRILANKAN NEWS

යාපනයේ අංක තහඩු රහිත ජීප් රථයකින් පැමිණි පිරිසක් තරුණයන්ට පහරදීලා

img_3672යාපනය ආනයිකෝට්ටයි ආලඩි වෛරවර් කෝවිලඩි ප්‍රදේශයේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයන් තිදෙනෙකුට අංක තහඩු රහිත ජීප් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පහරදී පලා ගොස් තිබේ.

ඊයේ (25) දින රාත්‍රී 8ට පමණ ඉකුත් තරුණයන් තිදෙනා නිවස බලා ගමන් කරමින් සිටියදී ජීප් රථයකින් පැමිණි සිව්දෙනෙකු එම තරුණයන්ට පහරදී තිබේ. තවද තරුණයන් ගමන් කළ යතුරු පැදියටද අලාභ හානි සිදුකර තිබේ.

ආනයිකෝට්ටයි ප්‍රදේශයේ පදිංචි සංගරාජා චන්ද්‍රසේකරන්, කාක්කයිතීව් ප්‍රදේශයේ පදිංචි බාලසිංගම් සෙල්වම්, සහ අමරසිංගම් ඥානවේල් නැමැති තරුණයන් සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

img_3683සිද්ධිය ඇසින් දුටු පුද්ගලයකු පවසා සිටියේ,

‘මම යතුරු පැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදී ආලඩි වෛරවර් කෝවිල අසල ජීප් රථයකින් පැමිණි පිරිසක් තරුණයන් තිදෙනෙකුව දණ ගසා ඔවුන්ට පහර දෙමින් සිටියා.. ඔවුන් සතුව යකඩ පොලු සහ දියණු ආයුධ ද තිබුණා. මාව දුටු ඔවුන් මාව ද අල්ලා ගැනීමට එලවාගෙන ආවා, මම යතුරු පැදිය හරවාගෙන වේගයෙන් එම ස්ථානයෙන් පලා ගියා..

ඔවුන් මා පසුපස එන අවස්ථාවගේ එම තරුණයන් තම img_3692යතුරු පැදි එම ස්ථානයේදීම දමා ඔවුන්ගෙන් බේරී පලා ගොස් තිබේ. අනතුරුව ජීප් රථයෙන් පැමිණි පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු අපි එම ස්ථානයට ගිය විට යතුරු පැදි තුනටම යකඩ පොලුවලින් තලා අලාභ හානි සිදුකර තිබුණා.

පහරදුන් පිරිස යන විට යතුරු පැදිවල යතුරද රැගෙන ගොස් තිබේ.. පහරදීමෙන් තුවාල ලැබූ තරුණයන් යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

මියගිය සරසවි සිසුවාගේ නිවස ඉදිරිපිට පහරදීමක්…

පොලීසියේ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වූ යාපනය සරසවියේ ඉගෙනුම ලැබූ විජයකුමාර් සුලක්‍ෂන්ගේ නිවස අසල ආලම්පිටි හංඳියේ සිටි යාපනය සරසවි සිසුන් හා තරුණයන් පිරිසකට අංක තහඩු රහිත ජීප් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබේ.

– Global Tamil News : Sinhala