SRILANKAN NEWS

ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ වාර්ෂික සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 2017 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස්  ඒජ් හෝටලයේදී පැවැත්විණි.
“වෙනස්වීම් හමුවේ අභියෝගාත්මකව ජයග‍්‍රහණය සඳහා කැපවීම” යන තේමාව යටතේ මෙම වාර්ෂික සමුළුව 15 වන වරටත් ඊයේ ආරම්භ කෙරුණු අතර එය අදින් අවසන් කෙරේ.
කාලීන මාතෘකා ඔස්සේ, තෝරාගත් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමට මෙම සමුළුව මගින් මං පෙත් විවර කෙරෙන අතර සිය ප‍්‍රධාන ක්ෂේත‍්‍රය වන ගිණුම්කරණය ආශ්‍රීත මාතෘකාවන්ට අමතරව නූතන තාක්ෂණයේ බලපෑම පිළිබඳව ද අවධානය යොමු කිරීම විශේෂත්වයකි.