ප්‍රදේශ දෙකක සිඳුවූ රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

යාපනය පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. පේදුරුතුඩුව සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එය පැදවූ පුද්ගලයාට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී තිබේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු අච්චුවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිත්‍ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

මේ අතර, බියගම සියඹලාපේ බණ්ඩාරවත්ත මාර්ගයේ පේරගස් හංදිය අසලදී මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිඳුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top