ළමා නිවාසයේ දරුවන්ට පහරදුන් තරුණයා රක්‍ෂිත බන්‍ධනාගාරයට

කිලිනොච්චිය මහා දේවා ළමා නිවාසයේ සිටි දරුවන්ට පහරදුන් චෝදනාව මත ඉකුත් ළමා නිවාසයේ සිටි තරුණයා ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර, ළමා නිවාසයේ පරිපාලකයන්ට ද දැඩිව අවවාද කර තිබේ.

කිලිනොච්චිය මහා දේවා ළමා නිවාසයේ දරුවන් වදහිංසාවට ලක්වූ බවට පසුගිය සතියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දරුවකුගේ පියෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. අනතුරු කිලිනොච්චිය ළමා පරිවාස නිලධාරින් ඉකුත් ළමා නිවාසයේ වදහිංසාවට ලක්වී ඇතැයි සැකපිට දරුවන් පස් දෙනෙකුව කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබුණි.

මෙවැනි තත්වයකදී සිද්ධිය සම්බන්‍ධයෙන් ගොනු කළ නඩුව ඊයේ දින විභාගයට ගත් අතර, ළමා නිවාසයේ සිටි තරුණයාව රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙසත්, අදාළ ළමා නිවාසයේ සිටින සෙසු දරුවන්ගේ තත්වය ගැන සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top