තාවකාලිකව වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලය ලබන 16වනදා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දී තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් කැලණිය විශ්ව විද්‍යාලය පසුගිය දා තාවකාලික වසා දැමුණි.
සිසුන් දෙපිරිසගේ නායකයන් සමග පැවැති සාකච්ඡාව ව්‍යර්ථ වීමත් සමග කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියළුම පීඨ තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරීය තීරණය කර තිබුණි.